රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

කොවිඩ් 19 සමයේ, ආදායම්‌ බදු නොගෙවූ පුද්ගලයන්ගෙන්‌ දඩ මුදල් අයකර නොගැනීමට රජය තීරණය කර තිබෙනවා. එමෙන්ම දේශීය ව්‍යාපාරිකයන්ට සේවක වැටුප් ගෙවීම සඳහා සහනදායී පොලියට ලබා දුන් ණය ප්‍රමාණය බිලියන 50 සිට බිලියන 150 දක්වා ඉහළ දැමීමට ද කැබිනට්‌ අනුමැනිය හිමිවුණා. මේ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගුණවර්ධන මහතා අද පැවති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියා. එමෙන්ම මෙගා වොට්‌ 300 ක විදුලිබලාගාරයක්‌, පුත්තලම ප්‍රදේශයේ ඉදිකිරීම සඳහා ගිවිසුම්ගත වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා. තවද නව ජාතික විශ්වවිද්‍යාල 5ක් ආරම්භ කිරීම සඳහාද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමව තිබෙනවා. එමෙන්ම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ජාත්‍යන්තරව පිළිගත්‌ පර්යේෂණ විශ්වවිද්‍යාලයක්‌ බවට පත්කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

24%ක්ව පැවති ආදායම් මත පැනවූ උපරිම බදු ප්‍රතිශතය නව බදු සංශෝධන සමග 18% දක්වා අඩු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Latest News