24%වූ ආදායම් බද්ද 18% දක්වා පහළට..බන්දුල ගුණවර්ධන

නොවැ 28, 2019

    24%ක්ව පැවති ආදායම් මත පැනවූ උපරිම බදු ප්‍රතිශතය නව බදු සංශෝධන සමග 18% දක්වා අඩු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ආදායම් බද්දට යටත් වන රුපියල් දෙලක්ෂ 50,000 සීමාවේ සිට 6%, 12% සහ 18% වශයෙන් බදු ප්‍රතිශත තුනක් හදුන්වා දී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

    එසේම තොරතුරු තාක්ෂණ අංශය සියලු බදු වලින් නිදහස් කර ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කලේය. නව බදු සංශෝධන අනූව බැංකු ගිණුම් පොලිය මත අය කළ රැඳවුම් බද්ද ද අහෝසි වෙයි.

    මේ අතර, සුරක්ෂා රක්ෂණය හා ටැප් පරිගණක ව්‍යාපෘතියේ ගැටළුකාරී තත්වයන් කිහිපයක් මත තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 නොවැම්බර් 2019 17:26

    Latest News