ඇඟලුම් කම්හලක සාමාන්‍යධිකාරිවරයෙක් වශයෙන් කටයුතු කරන හෝමාගම ප්‍රදේශයේ පදිංචි යූ එස් රණවීර නැමැත්තෙකු විසින් පෙත්සම ඉදිරිපත් කළා.
එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර සිටිනවා.
පෙත්සම්කරු කියා සිටින්නේ තමන් බදු ගෙවන අයකු බවත් රජය විසින් මේ මස 21 වන දා දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කළ බවයි.
යෝජිත පනත් කෙටුම්පත තුළින් යම් පුද්ගලයකු මාසිකව බදු ගෙවිය යුතු ආදායම් සීමාව රුපියල් දෙ ලක්ෂ පනස් දහසේ සිට රුපියල් ලක්ෂයක් දක්වා අඩු කර ඇති බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.
මේ හරහා ගෙවාගත නොහැකි වන ආකාරයේ බදු බරක් මහජනයා මත
පැටවෙන බවත් ඒ තුළින් මහජනතාව දැඩි ආර්ථික අර්බුදයකට ලක් වන බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.
මේ හරහා අපනයන, දේශිය කර්මාන්ත, සංවර්ධන කටයුතු වැනි ක්ෂේත්‍ර අධෛර්යමත් කිරීමක් සිදුවන බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.
යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත ප්‍රතිපාදනවලින් රජය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කිරීමට බැඳී සිටින මහජනයාගේ සුභසාධනය ප්‍රවර්ධනය කිරීම, සමාජ ආරක්ෂාව තහවුරු කිරීම වැනි කාරණා බරපතළ ලෙස උල්ලංඝනය කර තිබෙන බවත් පෙත්සම්කරු පෙන්වා දෙනවා.
අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගතය 15,16, 22, 29, 36 සහ 39 යන වගන්ති මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.
එබැවින් මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.