අනතුරුදායක ගෘහස්ථ එල් පී ගෑස් සිලින්ඩර අලෙවි කර කාන්තාවක් මිය යාමට සැලැස්වීම සම්බන්ධයෙන් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති, අධ්‍යක්ෂ මණ්ඩලය, පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා ඇතුළු බලධාරීන්ට එරෙහිව සාවද්‍ය නොවන මිනීමැරුම සම්බන්ධයෙන් අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට පියවර ගන්නා ලෙස පොලිස්පති වරයා සහ නීතිපතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබා දුන්නා.

මෙරට ගෑස් සිලින්ඩර ගිනිගැණීම් සහ පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා පත් කළ විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අද ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බව වාර්තාවේ.

නිසි ප්‍රමිතියකින් තොර ගෑස් මෙරටට ගෙන්වීම හේතුවෙන් ඇති වූ අනතුරුදායක සිද්ධීන් සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන හා ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන්ට සහ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති, ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් යන අයට එරෙහිව අපරාධ නීතිය යටතේ විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් වුණා.

Latest News