“එක රටක් එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ (07) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා හමුවිය.

ඉස්ලාම් ජාතිකයින්ගේ ආගමික විශ්වාසයන්ට නින්දා වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවක් පෙබරවාරි මස පෙබරවාරි මස මස 11 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලක් සලකා බැලීම සඳහා මැයි මස 13 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිරදඬුවම් ලබා සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සලකා බැලීම මාර්තු මස 2 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

2017 වසරේ පොලොන්නරුව ප්‍රදේශයේ දී ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් සිදුකළ බවට සැකකෙරෙන බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල මාර්තු මස 16 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් නොවැම්බර් මස 08 වැනිදා පෙනී සිට කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය විසින් බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු තුන් දෙනෙකු වෙත නොතීසි නිකුත් කළේය.

ඉස්ලාම් ධර්මය හා කුරානයට අපහාස කලේ යෑය් චෝදනා කරමින් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබඩ අත්තේ ඥනසාර හිමියන්ට විරුද්ධව පවරා ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන ලෙස දන්වා නීතිපතිවරයා වෙත නැවත සිහි කැඳවීමක් යැවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළාය.

Latest News