ඥානසාර හිමියන් මාර්තු 16 යළි අධිකරණය හමුවට

දෙසැ 02, 2019

    2017 වසරේ පොලොන්නරුව ප්‍රදේශයේ දී ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් සිදුකළ බවට සැකකෙරෙන බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල මාර්තු මස 16 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබීය.එහිදී විමර්ශන සිදුකළ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ මෙම පරීක්ෂණ අවසන් කර ඊට අදාළ වාර්තා උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවයි.

    නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය. එම කරුණු සලකා බැලූ අධිකරණය පැමිණිල්ල නැවත මාර්තු මස 16 වැනිදා යළි කැඳවීමට නියම කළ අතර එදින නීතිපතිවරයාගේ උපදෙස් පිළිබඳව අධිකරණය දැනුවත් කරන මෙන් පොලිසියට නියම කළේය.

    Last modified on සදුදා, 02 දෙසැම්බර් 2019 12:50

    Latest News