ධීවර අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් කළමැටිය ප්‍රදේශයේ ධීවරයන්ට ඉන්ධන නිකුත් කිරීමට කළමැටිය ධීවර වරායෙන් ආරම්භ කෙරේ.

යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ආසන්නයෙන් දී අනවසරයෙන් ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 11 දෙනෙක් හා ට්‍රෝලර් යාත්‍රා 03ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

බස්නාහිර හා සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හෙට සිට නැවත දැනුම්දෙන තුරු ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවුක කටයුතුවලින් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මධ්‍යම, ඊසානදිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීම හේතුවෙන් ධීවරයින්ට ආරක්ෂිත පියවර අනුගමන කරන්නැයි, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සී/ස සමස්ත ලංකා මාදැල් හිමියන්ගේ ධීවර සංස්ථා නියෝජිත පිරිසක් සමග ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ධීවර අමාත්‍යංශයේදි සාකච්ඡාවක් පැවැත්විණි.

හලාවත මුහුදු සීමාවට නාවික සැතපුම් දහසකට එපිටින් පිහිටි ජාත්‍යන්තර මුහුදේදී ගිනිගෙන විනාශ වූ බහුදින යාත්‍රාවේ ධීවරයන් මෙරටට රැගෙන ඒමට හැකිවී තිබේ.

ඊයේ මුහුදු ගොස් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන්, අතුරුදන්ව සිටි ධීවරයන් දෙදෙනා, අද උදේ 8.00ට පමණ තුඩුවාව,හලාවත වෙරළ තීරයට පැමිණ තිබේ.

මේ වනවිට ඉන්දියාව තුළ කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යයි.

නීති විරෝධි ධීවර ආම්පන්න යොදා ගනිමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 13 දෙනෙක් නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News