රු.කෝටි 3ක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට මාංචු

අගෝ 01, 2020

    දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් කෝටි 3යි ලක්ෂ 13ක් හා ඇමෙරිකානු ඩොලර් එක්ලක්ෂ හතලිස්දහසක් (1 40,000) ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන කොළඹ වරාය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

    පසුගිය දා (07.31) දින රාත්‍රී 9.10ට පමණ කොළඹ උතුර කොට්ටාස මාර්ග බාධක ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කෙරිණ.

    අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 55ක් වූ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. කොළඹ වරාය පොලීසිය විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on සෙනසුරාදා, 01 අගෝස්තු 2020 09:45

    Latest News