තණමල්විල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 12ක දරුවෙකුට පොල්ලකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයකුට මොනරාගල පළාත් බද මහාධිකරණය ඊයේ (19) මරණ දඬුවම නියම කර තිබේ.

 වැඩ තහනමකට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා නිසි අධිකරණය නියෝගයකින් තොරව අත්අඩංගුවට නොගන්නා ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළේය.

විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තර හෙළි කොට අනවසර ඉදිකිරීම් සෑදීම සහ දැනට සකස් කර තිබෙන ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති පෙත්සමකට අදාළ අවසන් තීන්දුව අප්‍රේල් මස 03 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කර ඇත.

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගය නිකුත් කරන මෙන් ඉල්ලා වැඩ තහනමකට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

සයින්දමරුදු කොට්ඨාසය ප්‍රාදේශීය සභාවක් වශයෙන් ප්‍රකාශ කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා 2017 වසරේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක්  අද කැදවනු ලැබූ අවස්ථාවේදී එම ප්‍රදේශය නගර සභාවක් වශයෙන් ප්‍රකාශයට පත්කර තිබීම හේතුවෙන් එම නඩු කටයුත්ත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සමථයට පත් කෙරිණ.

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් මහාචාර්ය සරත් විජේසූරිය මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අප්‍රේල් මස 28 වැනිදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතා තමන්ව ඇප මත මුදා හරින මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සමට අදාළ නියෝගය අප්‍රේල් මස 02 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය අද ප්‍රකාශ කළේය.

ගාල්ල,බෙලිගහ ප්‍රදේශයේ ඉදිකෙරෙන,නව අධිකරණ සංකීර්ණයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට, රජය තීරණය කර තිබේ.

ඉකුත් වසරේ බ්‍රිතාන්‍යයෙන් මෙරටට ආනයනය කරන ලද කැලිකසල අඩංගු බහලුම් ප්‍රවාහනය කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගයක් ඉවත් කරනවාද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය ලබන 04 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියෝග කළේය.

Latest News