කථිකාචාර්ය පුන්සර අමරසිංහට ඇප

මැයි 29, 2024
    අත්අඩංගුවට ගත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහ මහතාව ඇප මත මුදාහැර තිබෙනවා.

    ඒ මහතා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මෙලෙස මුදාහැර ඇත.

    ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ISIS සංවිධානය සමඟ සම්බන්ධ බවට සැකකෙරෙන ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බවට එල්ලවූ චෝදනාවකට අදාළවයි.

    Latest News