සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලැබූ මේජර් ‍ජෙනරල් නෙවිල් රන්ජන් ළමාහේවගේ මහතා ඊයේ (13) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී සිය සේවය සැල කර සිටියේය.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සංචරණ සීමා කාලසීමාවේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට ලබාදීමේ විශේෂ ජංගම සේවාවක් ආරම්භ කර තිබේ.

දිවයින පුරා ඇති ඡන්ද පොළවල් 12,856 ක් සඳහා එක් ඡන්ද පොළකට නිළධාරීන් දෙදෙනකු බැඟින් රාජකාරියේ යෙදවීමට නියමිතයි. එම යෙදවෙන නිළධාරින් දෙදෙනා බහුතරයක් ඡන්ද පොළවල් සඳහා පිරිමි නිළධාරීන් දෙදෙනෙක් වශයෙන් ද, ඇතැම් ඡන්ද පොළවල් සඳහා කාන්තා නිළධාරිනියක් සහ පිරිමි නිළධාරියෙක් ද වශයෙන් රාජකාරියේ යෙදවේ. ඒ අනුව, 12,856 ක ඡන්ද පොළවල් සඳහා රාජකාරියේ යෙදවෙන මුළු පොලිස් නිළධාරීන් ගණන 25,712 කි.

Latest News