සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් සහන මිලට එළවළු නිවසටම

ජූනි 03, 2021

    සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සංචරණ සීමා කාලසීමාවේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට ලබාදීමේ විශේෂ ජංගම සේවාවක් ආරම්භ කර තිබේ.

    එහි සාමාජිකයන් ආර්ථික මධ්‍යස්ථානවලින් අතරමැදියන්ගෙන් තොරව එළළුළු ඇතුළු ආහාර ද්‍රව්‍ය මිලදී ගෙන ඔවුන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඇසුරුම් කර බෙදාහැරීමටයි, පියවර ගෙන ඇත්තේ.

    ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනූව ආරම්භ කර ඇති මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවනු ලැබ ඇත්තේ, අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ උපදෙස් අනූවයි.

    සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් දඹුල්ල සහ තඹුත්තේගම යන ආර්ථික මධ්‍යස්ථානවලින් ආහාර ද්‍රව්‍ය මිලදී ගෙන පසුව ඇසුරුම්වලට සකස් කර ජනතාවට සහන මිල ගණන්වලට බෙදාදීමේ නිරතව සිටියි.

    ඒ අනූව එළවළු වර්ග 12ක් ඇතුළත් කිලෝ ග්‍රෑම් 5 හමාරක එළවළු මල්ලක් අලෙවි කෙරෙන්නේ රුපියල් 500කටයි.

    මේ වන විට මරදාන,බොරැල්ල,දෙමටගොඩ,බම්බලපිටිය,වත්තල,කිරිබත්ගොඩ ඇතුළු ප්‍රදේශ රැසකට එවැනි එළවළු රැගත් ජංගම රථ ක්‍රියාත්මකයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 03 ජූනි 2021 13:05

    Latest News