පස්සර-ලුණුගල මාර්ගය දින නියමයක් නොමැතිව වසා දමයි

දෙසැ 22, 2019

    පස්සර ලුණුගල මාර්ගය දින නියමයක් නොමැතිව සම්පුර්ණයෙන්ම වසා දමා ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

    ඒ පස්සර, ලුණුගල මාර්ගයේ මිල්ලඔය අසළ හොප්ටන් තේ වතු ප්‍රදේශයේ නායයෑම හේතුවෙන්. 

    වසර 4කට පසුව කන්තලේ ජලාශයේ වාන් දොරටු 6ක් අඟල් 9 බැගින් විවෘත කර තිබේ. ඉන් තත්පරයකට ඝණ අඩි 800ක ජලය පිටවන බැවින් පහත් බිම්වල ජනතාවට අවධානයෙන් සිටින ලෙස ඉල්ලීමක් කෙරේ.

    Kanthelee px 900 12 19

    අධික වර්ෂාවත් සමඟ බුත්තල වෙහෙරගල ජලාශයේ වාන් දොරටු 6 අඩි 4 බැගින් විවෘත කෙරිණ. එබැවින් මැණික් ගඟ දෙපස ජනතාවට අවධානයෙන් සිටින ලෙස මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

    Veheragala px 900 22 12 19

    Latest News