ණය ගෙවා ගත නොහැකිව සිටි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ප්‍රසාදය (වීඩියෝ)

දෙසැ 21, 2019
  • ණය ගෙවා ගත නොහැකි වීමෙන් දේපල වෙන්දේසිවීමේ අවදානමට ලක්ව සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට රජය ලබාදුන් සහනය සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රජාව ප්‍රසාදය පළ කරයි.

     

    මෙය තමන්ට ද විශාල සහනයක් බව, වී මෝල් හිමියන් කියා සිටී. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීමේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සහ මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින්. මුදල් අමාත්‍යාංශය ඊයේ නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ. රුපියල් මිලියන 300 නොඉක්මවන ණය සීමාව තුළ සිටින ව්‍යවසායකයන්ට මේ සහනය හිමිවේ. ණය ගෙවා ගත නොහැකිව සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයන්ගේ දේපල වෙන්දේසි කිරීම අත්හිටුවන ලෙස මුදල් අමාත්‍යාංශය සියලු බැංකු වෙත දැනුම් දී තිබේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායක ක්‍ෂේත්‍රය නැංවීම එහි අරමුණයි. රජය නොබෝදා ලබාදුන් බදු සහන හේතුවෙන් මහ බැංකුව ඇතුළු බැංකු පද්ධතියට මේ පියවර නිසා පාඩුවක් සිදු නොවන බව රජයේ තක්සේරුව.රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ද මේ පිළිබඳව මාධ්‍ය හමුවකදී කරුණු පැහැදිලි කළේය....

    “කුඩා හා මධ්‍ය පරිමාන මෝල් හිමියන් සම්පුර්ණයෙන්ම තමන්ගේ දායකත්වය ආර්ථිකයට හා සහල් නිෂ්පාදනයට ලබාදීම නවත්තලා තිබ්බා. ඔවුන් ආර්ථිකමය වශයෙන් ඉදිරියට යාමට හැකියාවක් පසුගිය රජය තුළ ඇතිවෙලා තිබ්බේ නැහැ. මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් නැවත නගා සිටුවීමේ දෙවන පියවර හැටියට අපි දේපොළ වෙන්දේසිවීම නතර කරලා තියෙනවා. අපි මෙතනින් නතර වෙන්නේ නැහැ. ඉදිරියේදී ජනාධිපතිතුමත්, අගමැතිතුමත් විශේෂයෙන්ම ආර්ථික විශ්ලේෂකයන් සමඟ සාකච්ජා කරලා සහන පැකේජයක් ඔවුන්ට ලබාදීමට නියමිතයි. අපි විශ්වාස කරනවා අපේ රටේ ආර්ථිකය නැවත ප්‍රවෘත්තිමත් තත්වයට පත්කරන්න පුලුවන් අපේ රටේ දක්‍ෂ ව්‍යසායකයන්ට සහ නිෂ්පාදකයන්ට. අවුරුදු හතර හමාරක් කාලය තුළ ආර්ථික ප්‍රතිපත්ති 15ක් තමන්ගේ හිතවතුන්ට පමණක් ගැලපෙන ආකාරයට හඳුන්වාදීමට පැවති රජය කටයුතු කිරීම මේ ආර්ථික පරිහානියේ මුලිකම කාරණය බවට පත්වුණා“ යැයි ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

    මේ ක්‍රියාමාර්ගය තුළින් තමන්ට විශාල සහනයක් හිමිවී ඇති බව, වී මෝල් හිමියන් ප්‍රකාශ කරයි.

    ඒ පිළිබඳව අදහස් දැක්වූ වී මෝල් හිමියන්....

    “ ඇත්තටම අපි විශ්වාස කරනවා රුපියල් 90ට පහළින් සහල් තබාගන්න පුලුවන් වෙයි කියලා. පොළොන්නරුවේ හාල් මෝල් 250ක් ප්‍රමාණයක් අක්‍රීය වෙලා තියෙනවා. ඒ මෝල්වලින් රටට දැවැන්ත දායකත්වයක් ලබාදෙන්න පුලුවන් සහල් මෝල් සියයකට වඩා තියෙනවා. අපි විශ්වාස කරනවා රජය ගත්ත මේ තීන්දුවත් එක්ක රටේ සහල් මෝල් හිමියත්, පාරිභෝගිකයත් ආරක්‍ෂා වන වැඩපිළිවෙළ ඉතාමත් ශක්තිමත් වෙයි කියලා“

    “වී අස්සනු මිලදී ගැනිමත් එක්ක රජයෙන් අපට ලැබෙන සහයෝගයත් එක්ක වැසී තිබෙන සහල් මෝල් නැවත පටන් අරගෙන මේ සහල් මිලේ තියෙන ඒකාධිකාරය, මාෆියාව නැති කිරීමෙන්, සහල්වලට හොඳ සාධාරණ මිලක් ලබාදෙන්න අපි බලාපොරොත්තු වෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ හාල් මෝල් නැවත පටන් ගැනීම තුළ සහල්වලට සාධාරණ මිලක් ශ්‍රී ලාංකීය සහල් පරිභෝගිකයන්ට ලබාදෙන්න“ යැයි වී මෝල් හිමියන් පැවසූහ.

    Last modified on සෙනසුරාදා, 21 දෙසැම්බර් 2019 22:45

    Latest News