රට සංවර්ධනයේ අඩිතාලම පොඩි මිනිසුන් නඟා සිටුවීම; මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි (වීඩියෝ)

දෙසැ 21, 2019
  • රට ගොඩනැගීමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ මහා සංඝරත්නය ප්‍රමුඛ ජනතාව දැඩි විශ්වාසයක් තබා ඇතැයි, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්‍ම මහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී මහාචාර්ය පුජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමීන් වහන්සේ පවසති.

    උන් වහන්සේ මේ බව සඳහන් කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ඊයේ සවස උන්වහන්සේ බැහැදැකීමට ගිය අවස්ථාවේදී. අභියෝග හමුවේ පසුපසට නොගොස්, තැබූ පියවර ඉදිරියටම තබමින්, ජනතා අපේක්‍ෂා ඉටු කරන ලෙස, උන්වහන්සේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටී. ආශිර්වාද පිරිනැමීමෙන් අනතුරුව, උන් වහන්සේ කෙටි පිළිසඳරක නිරත වූ අතර, අඩු නිපුණතාවයකින් යුත් තරුණ ප්‍රජාවට රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළේය. රටේ සංවර්ධනය සිදු කළ යුත්තේ, පොඩි මිනිසුන් නගා සිටුවීමට විධිමත් පියවර ගනිමින් බව උන් වහන්සේ සඳහන් කළේය. අත්කම් කර්මාන්තය කෙරෙහිද වැඩි අවධානයක් යොමු කරන්නැයි, එහිදී මහාචාර්ය කොටපිටියේ රාහුල ස්වාමීන් වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, පූජ්‍ය ගෝනදූවේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය හා මැති-ඇමතිවරුන් රැසක් ද මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on සෙනසුරාදා, 21 දෙසැම්බර් 2019 23:26

    Latest News