තිස්සමහරාමයේ වැව් වාන් දැමීම අරඹයි: ප්‍රදේශ ගණනක් ජලයෙන් යටවේ

දෙසැ 21, 2019

    දින දෙකක් පුරා ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව සමගින් තිස්සමහරාම ප්‍රදේශයට ගංවතුර තත්වයක් උද්ගතව තිබේ.

    මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් කුඹුරු අක්කර 1500කට අධික ප්‍රමණ යක් විනාශ වී ඇති බව ලුණුගම්වෙහෙර වාරි ඉංජිනේරුවරයා පවසයි. ගංවතුරෙන් දැඩි බලපෑමක් සිදුව ඇත්තේ යෝධකණ්ඩිය වැව ආශ්‍රිත පහළ පහල ප්‍රදේශයටයි.

    එම ප්‍රදේශයේ පවුල් 250 කට පමණ මෙම ගංවතුරෙන් පීඩා සිදුව තිබේ. අවතැන් වූ පවුල් දහසයක් පමණ යෝධකණ්ඩිය ප්‍රජා ශාලාවේ මේ වන විට නවාතැන් ගැන ගෙන සිටි.

    ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු 6ක් අඟල් 14 බැගින් විවෘත කර තිබේ. මේ හේතුවෙන් පහත් බිම් යට වීමේ අවදානමක් මතුව ඇත. ලුණුගම්වෙහෙර ජලාශයෙන් තප්පරේට ඝනමීටර් 7500ක් කිරිඳිවිට මුදාහරින බවයි වාරිමාර්ග ඉන්ජිනේරුවරයා පැවසුවේ.

    මීට අමතරව තිස්සමහාරාම යෝධකණ්ඩයවැව ඉහල ප්‍රදේශය උසස්ගම ඇලවේල්ල කැඩී යෑම නිසා කුඹුරු අක්කර 50 ක් පමණ ජලයෙන් යටව තිබේ. එම ප්‍රදේශයේ ඇති සංචාරක හෝටල් ද ජලයෙන් යටව ඇතැයි අප වාර්තාකරු පවසයි.

    තිස්සමහරාමය තිබෙන මහා වැව් මෙන්ම කුඩා වැව් සියල්ල වාන් දැමීම නිසාවෙන් ගංවතුර ඇතිවිමේ තත්වයක් තවදුරටත් පවති. මෙම වැව් ආසන්නයේ සහ කිරිඳිඔය ආසන්නයේ ජීවත්වන ජනතාවට ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    Last modified on සෙනසුරාදා, 21 දෙසැම්බර් 2019 19:26

    Latest News