සුළු හා මධ්‍ය ව්‍යාපාර ණය අයකර ගැනිම අත්හිටුවිමට අගමැති නියෝගයක්

දෙසැ 20, 2019

    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලබාගත්, ණය අයකර ගැනීම අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සහ මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සියලු බැංකුවල සභාපතිවරුන්ට සහ ප්‍රධාන විධායක නිලධාරීන්ට නියෝග කර තිබේ.

    රුපියල් මිලියන 300 නොඉක්මවන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නැවත පණ නැංවීම සඳහා රජය මෙම නව පියවර ගෙන තිබේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය ප්‍රමුඛතා පදනමක් මත පුනර්ජීවණය කිරීම සඳහා එවැනි ඉතිරි කිරීම්වලින් කොටසක් බැංකු භාවිත කරනු ඇතැයි, රජය අපේක්‍ෂා කරයි. ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ නියෝගයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සඳහා ද විසඳුම් ලබාදී ඇති අතර වෙළෙඳ පොළේ තරඟකාරීත්වය වැඩි කිරීම සඳහා ඔවුන්ගේ ව්‍යාපාර නැවත පණ ගැන්වීමට රජය අපේක්‍ෂා කරයි.

    Last modified on සෙනසුරාදා, 21 දෙසැම්බර් 2019 11:17

    Latest News