රංටැඹේ ජලාශයේ වාන් දොරටු හදිසි විවෘත කිරිමක්: පහළ පදිංචිකරුවන්ට මහවැලි ගඟ භාවිතයේදී අවධානමක්

දෙසැ 20, 2019

    රංටැඹේ ජලාශයේ වාන් දොරටු හදිසි විවෘත කිරිම් සිදුවන බැවින් ජලාශය පහල පදිංචිකරුවන් අද (20) සිට මහවැලි ගඟ පරිහරණයේදී ප්‍රවේශම් වන ලෙස කාර්යය භාර ඉංජිනේරු ඩී. එම්. ධර්මදාස මහතා දන්වා සිටී.

    වාන් දොරටු හදිසි විවෘත කිරිම තුලින් මහවැලි ගගේ ජල මට්ටම සීග්‍රෙයන් ඉහල යා හැකි බව ඔහු අවධාරනය කරයි.

    බන්ඩාරවෙල හා බදුල්ල ප්‍රදේශයට ලැබෙන අධික වර්ෂාපතනය සමග උමාඔයේ ජල මට්ටම ඉහල යෑමත් ඒ හේතුවෙන් රංටැඹේ ජලාශයට විශාල ජලධාරිතාවයක් එක් රැස් වීම සිදුවේ. එ අනුව ජලාශයේ ජල මට්ටම් පාලනය කිරිම සදහා රංටැඹේ ජලාශයේ වාන් දොරටු හදිසියේ විවෘත කිරිම සිදුවන අතර ජලාශයට පහලින් මිනිපේ, මහියංගණ හා ත්‍රිකුණාමලය දක්වා මහවැලි ගඟ පරිහරණය කරන ජනතාව දැඩි අවදානයෙන් පසුවන ලෙසට කාර්යය භාර ඉංජිනේරු ඩී එම් ධර්මදාස මහතා පවසයි.

    රංදෙණිගල පිරෙන්න තව මීටර් දෙකයි

    රංදෙණිගල ජලාශය වාන් මට්ටම ලඟවීමට තව මීටර් 02ක් ප්‍රමාණයක් වන අතර පවතින දැඩි වර් ෂාවත් සමග ජලාශයේ වාන් මට්ටම දක්වා පැමිණියහොත් එහි වාන් දොරටු විවෘත කිරිමට සිදුවන බව කාර්යය භාර ඉංජිනේරු ඩී එම් ධර්මදාස මහතා දන්වා සිටී.

    Last modified on සිකුරාදා, 20 දෙසැම්බර් 2019 14:24

    Latest News