මධ්‍ය කඳුකරයට වැසි: ජලාශ කිහිපයක ජල මට්ටම ඉහළට

අගෝ 30, 2019

    පවතින අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම තවදුරටත් ඉහල යමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසිති.

    අද (30) අලුයම වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 8 දක්වාත්, මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 14 දක්වාත් ආසන්න වි තිබේ.

    කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශල ජල මට්ටම ඉහල යාමත් සමගම කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, විමලසුරෙන්ද්‍ර යන විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කෙරේ.

    Latest News