යතුරු පැදි සොරකමේ ගිය හිටපු හදා සෙබලා මාට්ටු

දෙසැ 18, 2019

    යතුරු පැදි සොරකම් නිරතව සිටි තිදෙනෙකු යතුරුපැදි 12ක් ද සමග ගිරිතලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    වැටලීම සිදු කරනු ලැබ ඇත්තේ, හබරන පොලීසිය විසින්. සැකකරුවන් අනුරාධපුරය හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල නිවෙස්වල කම්කරුවන් ලෙස සේවය කරමින් සිටිය දී මෙම සොරකමට සම්බන්ධ වී තිබේ. ඔවුන් නවතා තිබෙන යතුරුපැදි සොරාගෙන ගොස් උකස් මධ්‍යස්ථානවලට බාර දී මුදල් ලබා ගෙන පලා යාම සිදුකර ඇත.

    සැකකරුවන් අතර යුද හමුදාවෙන් ඉවත් වූ පුද්ගලයෙකු ද වේ. ඔවුන් අද හිඟුරක්ගොඩ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. හබරන පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    Last modified on බදාදා, 18 දෙසැම්බර් 2019 11:45

    Latest News