බොරුවෙන් ජනතාව මුලාවට පත් කළ නොහැකි: ලලිත් පියුම්

දෙසැ 17, 2019

    බොරුවෙන් ජනතාව මුලාවට පත් කළ නොහැකි බව මුළු රටට පෙන්වා දෙමින්  ජනාධිපතිවරණයේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රාහනය කෙරුව බව නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා පැවසයි.

    මෙවැනි බොරු තුළින් ජනතාව තවදුරටත් මුල කළ නොහැකි බව ඔහු කියා සිටියා

    ඔහු ඒ බව අවධාරණය කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී.

    එහිදී අදහස් දැක්වූ නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා...

    “නාමල්ගේ ලැම්බෝගිනි ගැන කතා කරලා, රත්තරන් අශ්වයෝ ගැන කතා කරලා, 2014 සංස්කෘතියක් නිර්මාණය කළා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ නැහැ කියලා. ඒ සංස්කෘතිය මේ වෙනකොටත් දිගින් දිගටම මේ රටේ යනවා. පහුගිය ජනාධිපතිවරණයේ දී මේ රටේ මිනිස්සු අත් දෙකම උස්සලා පොහොට්ටුවට කතිර ගැහැව්වේ තවදුරටත් අපිව අන්දන්න බැහැයි කියලා පණිවුඩය ලබාදෙන්නයි“ යැයි නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා පැවසීය.

    Last modified on අඟහරුවාදා, 17 දෙසැම්බර් 2019 19:10

    Latest News