පරාජය වුවත් නව ජවයකින් ඉදිරියට යාමට එක්සත් ජාතික පක්ෂයට පුළුවන්

දෙසැ 17, 2019

    පරාජයට පත්වුවත් ජවයකින් ඉදිරියට යාමට එක්සත් ජාතික පක්ෂයට හැකි බව හිටපු අග්‍රාමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

     රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ සිරිකොත මන්දිරයේදී පැවති සරසවි යොවුන් පෙරමුණේ සාමාජිකයන්ගේ හමුවකට අද (17) එක්වෙමිනි.

    එජාප රජයක් යටතේ රට අවශ්‍ය ආර්ථික සංවර්ධනය ගෙන ඒමට හැකි වූ බව පෙන්වා දුන් එ මහතා තවදුරටත් කියා සිටියේ ජනතාවට නිදහස ලබා දීමට හැකි වූ බවයි. එක්සත් ජාතික පක්ෂය නව ජවයකින් ඉදිරි මැතිවරණ වලට මුහුණ දී ජයග්‍රහණ ලබා ගැනීමට කටයුතු කරන බව ඔහු අවධානරය කළේය. සරසවි යොවුන් පෙරමුණේ නිලධාරීන් ද මෙහිදී අදහස් දැක්වුහ.

    Latest News