ජර්මන් මූල්‍යාධාර මත මහමෝදර රෝහලේ ප්‍රතිසංස්කරණ අඛණ්ඩව

දෙසැ 17, 2019

    ජර්මනියේ  KFW බැංකුව වෙතින් ලබාගත් මූල්‍ය ආධාර මත මහමෝදර මාතෘ රෝහල ප්‍රතිසංස්කරණය කෙරෙමින් පවතී.

    හෙල්මුට් කෝල් පදනමේ ආධාරයෙන් ආරම්භ කරන ලද එම රෝහල ඉදිකිරීම සඳහා KFWබැංකුව විසින් යුරෝ මිලියන 28 ක ණය මුදලක් ආරම්භයේ දී ලබා දී තිබේ.

    රෝහලේ ඉදි කිරීම් කටයුතුවල අමතර පිරිවැය ඉහළ යෑම සහ රෝහලේ අමතර අවශ්‍යතා ආවරණය කිරීම් කටයුතු වෙනුවෙන් KFW බැංකුව විසින් යුරෝ මිලියන 13 ක අතිරේක ණය මුදලක් ද ලබා දී තිබේ. මේ වනවිට රෝහලේ ඉදිකිරීම් කටයුතු අවසන් අදියරේ පවතින අතර 2020 මැද භාගයේ දී රෝහල විවෘත කිරීමට බලාපොරොත්තු වෙයි. මේ අතර, ජර්මානු රජය තාක්ෂණික ආධාර සඳහා යොදා ගැනීමට යුරෝ මිලියන 2.1 ක ප්‍රතිපාදනයක් ලබා දීමට එකඟ වී තිබේ.

    මෙම ප්‍රතිපාදන මගින් මූල්‍යාධාර සපයන තාක්ෂණික ආධාර ක්ෂේත්‍රවලට රෝහල් කළමනාකරණ පද්ධතියක් (HMIS) හඳුන්වාදීමට සහාය වනු ඇත. (ප්‍රසම්පාදන කටයුතු, දෘඩාංග හා මෘදුකාංග ස්ථාපනය කිරීම මෙන්ම ජාතික HMIS වලට අනුකූලව කාර්ය මණ්ඩල පුහුණුව ද ඇතුළුව) රෝහල් උපකරණ සහ ගොඩනැගිලි කටයුතු ශක්තිමත් කිරීම සඳහා සහාය වීම (නඩත්තු සැලසුම් සංවර්ධනය කිරීම හා හඳුන්වාදීම, නඩත්තු කාර්මික ශිල්පීන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය පුහුණු කිරීම, නඩත්තු උපකරණ ප්‍රසම්පාදනය කිරීම) දැඩි සත්කාර සේවය හා රෝහල් සනීපාරක්ෂාව වැනි ඉතා සංවේදී අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ගුණාත්මක කළමනාකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට සහාය වීම, ජාත්‍යන්තර රෝහල් සමඟ ද්විත්ව විධිවිධාන යොදා වෛද්‍ය කාර්ය මණ්ඩලයේ පුහුණු හා වැඩිදුර අධ්‍යාපනය සැලසීම.

    ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.එම්.පී.රත්නායක මහතා විසින් ජර්මානු රජය සමඟ අන්තර් රාජ්‍ය ගිවිසුමක් ද KFW බැංකුව සමඟ ප්‍රදාන ගිවිසුමක් ද මේ සම්බන්ධයෙන් 2019 දෙසැම්බර් 17 වැනි දින අත්සන් කරන ලදී. ජර්මානු රජය වෙනුවෙන් ජර්මානු තානාපති ජෝන් රොබ් සහ KFW බැංකුව වෙනුවෙන් KFW බැංකුව සංවර්ධන බැංකුවේ ප්‍රධාන ව්‍යාපෘති කළමනාකාරිණී  ඇන්ඩ්රිසයා ගෝඩන් මහත්මිය ගිවිසුම්වලට අත්සන් තබන ලදි.

     

    Last modified on අඟහරුවාදා, 17 දෙසැම්බර් 2019 16:45

    Latest News