හෙලිකොප්ට් 2ක් වහල - පුවරු ගලවගෙන යයි

දෙසැ 05, 2018

    හෙලිකොප්ටර් යානා දෙකක් ගොඩ බැස්වීමේ දී තංගල්ල බස් නැවතුම්පොළ භූමියේ වෙළෙඳසැල් කිහිපයකට හානි සිදුවී තිබේ.

    යානා අපරික්ෂාකාරී ලෙස ගොඩ බස්වා ඇති බවයි, අප වාර්තාකරු පවසන්නේ. විදේශිකයන් පිරිසක් රැගත් හෙලිකොප්ටර් යානා, තංගල්ල මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට පැමිණියේ ඊයේ දහවල්. ඉතා පහළින් පියාසර කිරීමේ දී ඇතිවූ දැඩි සුළං හේතුවෙන් වෙළෙදසැල් රැසකට හානි සිදුවිය.

    ක්‍රීඩාගාරයේ වහලට ද එය බලපා ඇතැයි වාර්තා වෙයි. ප්‍රදේශයට පැමිණෙන විශාල ප්‍රමාණයේ හෙලිකොප්ටර් ගොඩබෑමේ දී භාවිත කළ හැකි වෙනත් ක්‍රීඩාංගණයෙක් පවතී. එසේ තිබිය දී නගරාසන්නයේ ඇති මහින්ද රාජපක්ෂ ක්‍රීඩංගණය භාවිත කිරීමෙන් ගැටළු රැසක් ඇතිවන බව ප්‍රදේශවාසීහු පවසති.

    Latest News