එජනිස නොමැතිව පාර්ලිමේන්තුව යළි රැස්වෙයි

දෙසැ 05, 2018

    පාර්ලිමේන්තුව අද (05) යළි පෙරවරු 10.30ට ආරම්භ වේ. පෙරවරු 9.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පක්ෂ නායක රැස්වීමක් ද පැවැත්වෙනු ඇති. අද දිනයේ දී පාර්ලිමේන්තුවේ කටයුතු එහි දී සාකච්ජා කෙරෙනු ඇති.

    අද දිනයේත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුව වර්ජනය කරන බවයි, දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. එමෙන්ම, සභාව කල්තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානමින් සිටින බව ද වාර්තා වෙයි.

    මහජන ගැලරිය හා කථානායක විශේෂ අමුත්තන්ගේ ගැලරිය අද දිනයේ ත් විවෘත නොකරන අතර, ඊට පිවිසිමේ අවස්ථාව හිමිවන්නේ මාධ්‍යවේදීන් හට පමණයි. අද දිනයේ ද මීට පෙර පාර්ලිමේන්තුවේ අසුන් පනවා තිබූ ආකාරයටම මන්ත්‍රීවරුන්ට ආසන වෙන්කර ඇති බව ද වාර්තා වෙයි.

    Last modified on බදාදා, 05 දෙසැම්බර් 2018 10:47

    Latest News