සිසුවියන්ට පහරදී වද දුන් සරසවි සිසුවිය අත්අඩංගුවට

දෙසැ 05, 2018

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී නවක වදය සිදුකළ ජ්‍යෙෂ්ඨ සිසුවියක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඇගෙන් පහරකෑමට ලක්වූ නවක සිසුවියක් තිදෙනෙක් පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබති. පසුගිය 22 වැනි දා රාත්‍රියේ මෙම පහරදීම සිදුව ඇත්තේ විශ්ව විද්‍යාලයේ සංඝමිත්තා නේවාසිකාගාරයේදී. රෝහල්ගතවීමෙන් පසු ඔවුහු රෝහල් පොලීසියට පැමිණිලි කළහ.

    ඒ අනූව, පරීක්ෂණ ඇරඹූ පොලීසිය සැකකාර සිසුවිය අත්අඩංගුවට ගත්තේය. ඇය කලා පීඨයේ අවසන් වසර ශිෂ්‍යාවකි. සැකකාරිය අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News