ජනාධිපති ඝාතන සැලසුමක් ගැන සැකපිට අයෙක් ප්‍රශ්න කිරීමට CID භාරයට

දෙසැ 16, 2019

    ජනාධිපති ඝාතනය කිරිමේ සැලසුමක් සම්බන්ධයෙන් සැකපිට අයෙක් ලබන මාර්තූ 04 දක්වා CID භාරයේ රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා දී ඇත.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ පවුලේ සාමාජිකයෙකු ඝාතනය කිරිමට සැලසුම් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන මාර්තූ මස 04 වනදා දක්වා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තව භාරයේ රදවා ප්‍රශ්න කිරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද 16 අවසර ලබා දී ඇත.

    කටුනායක පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු ඉකුත් (04) පස්වරුවේ අදාල සැකකරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදි ඇති අතර ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර තිබේ. අනතුරුව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු කේසර සී. ඒ. සමරදිවාකර මහතා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතූරූව මෙම නියෝගය සිදු කර ඇත.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ ඔහුගේ පවුලේ සාමාජිකයෙකු ඝාතනය කිරිමට සැලසුම් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කටුනායක පොලිසියේ අපරාධ අංශයට ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ කටුනායක පොලිසියේ නිළධාරින් සීදුව, අමන්දොළුව ප්‍රදේශයේ නේවාසිකාගාරයක නවාතැන්ගෙන සිටි පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඒම පිරිස අතර සිටි 26 හැවිරිදි හකීම් මොහම්මුදු රිෆ්ඛාන් නමැති සැකකරු මෙම කුමන්ත්‍රණය සිදු කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    ඔහු වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර පසුගිය මස 28 වන දින නේවාසිකාගාරයේ පැවැති සාදයක් අතරතුර මෙම ඝාතන කුමන්ත්‍රණය පිළිබඳ අනෙක් තරුණයින්ට දැනුවත් කර ඇති බව පොලිසිය සදහන් කළේය.

    ඒ අනුව අනෙක් තරුණයින් තිදෙනා ඇප මත නිදහස් කර ඇති අතර සැකකාර තරුණයා රඳවාගෙන ප්‍රශ්න කිරිමට අවසර ලබාදි තිබේ.

    Latest News