ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය ජනාධිපතිතුමාගේ නිරීක්‍ෂණයට

දෙසැ 15, 2019

    හම්බන්තොට නගර සභාවට අයත් කොම්පොස්ට් අංගනයේ පිහිටි ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය අද (15) ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ නිරීක්‍ෂණයට ලක්විය.

    හම්බන්තොට නගරයේ කැළිකසල ගැටලුවට විසඳුම් ලෙස දිනකට ඝන අපද්‍රව්‍ය ටොන් 50ක් කොම්පොස්ට් බවට පත් කළ හැකි මෙම ව්‍යාපෘතිය ජයිකා ආධාර යටතේ ආරම්භ කෙරිණ. ව්‍යාපෘතියේ කටයුතු නිරීක්‍ෂණය කළ ජනාධිපතිතුමා අදාළ නිලධාරීන්ට සහ කොන්ත්‍රාත් සමාගම් වෙත උපදෙස් දුන්නේ ඉදිකිරීම් කඩිනම් කර මසක් ඇතුළත එහි මෙහෙයුම් ආරම්භ කරන ලෙසයි.

    ජනාධිපතිතුමා හදිසියේම මෙම චාරිකාවට එක්වූ අතර හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්‍ෂ, ඩී.වී. චානක යන මහත්වරුන් ඇතුලු පිරිසක් ද මීට එක්වූහ.

    Latest News