සුදු වෑන් රියදුරන් දෙදෙනා හෙට අධිකරණයට

දෙසැ 15, 2019

    ජනාධිපතිවරණය සමයේ මාධ්‍ය හමුවකදී සුදු වෑන් රියදුරන් ලෙස පෙනී සිටි අතුල සංජීව මදනායක සහ ඇන්තනී ඩග්ලස් යන දෙදෙනා හෙට (16) අධිකරණයට ඉදිරිපත් කෙරෙනවා.

    ඒ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින්. එවකට අමාත්‍යවරයෙකුව සිටි රාජිත සේනාරත්න මහතා, පසුගිය නොවැම්බර් මස 10 වැනිදා පැවැත්වූ මාධ්‍ය හමුවක පෙනී සිටි ඔවුන් ප්‍රකාශ කළේ, තමන් සුදුවෑන් රියදුරන් බවයි. සිංහලයේ ජාතික සංවිධානය, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය මස 11 වැනිදා පැමිණිල්ලක් කළේය.

    ඒ මෙම ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවේදී පළවූ අදහස් සම්පූර්ණයෙන්ම වත්මන් ජනාධිපතිගේ ප්‍රතිරූපයට හානිවන බව පවසමින්. එම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ ඉකුත් 13 වැනිදා.

    Latest News