කොළඹට පැය 24ක ජල කප්පාදුවක්

දෙසැ 14, 2019

    කොළඹ ප්‍රදේශ රැසකට අද (14) රාත්‍රියේ සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන ජලාපවහන මණ්ඩලය පවසයි. 

    ප්‍රධාන ජල නළ පද්ධතියේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් අද රාත්‍රි 08.00 සිට හෙට (15) රාත්‍රි 08.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.  ඒ අනුව අදාල කාලය තුළ කොළඹ 01, 02, 03, 04, 07, 08, 09,10, 11, 12, 13, 14 සහ කොළඹ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.  අදාළ කාලය තුළ කොළඹ 05 සහ කොළඹ 06 යන ප්‍රදේශවලට අඩුපීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේය.

     

     

    Last modified on සෙනසුරාදා, 14 දෙසැම්බර් 2019 09:00

    Latest News