හිටපු අමාත්‍ය පාඨලීට සහ රියදුරුට විදේශගත වීම තහනම්

දෙසැ 13, 2019

    2016 වසරේ රාජගිරියේ දී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ පුෂ්ප කුමාර නමැති ඔහුගේ රියදුරුට විදේශගත වීම තහනම් කරමින් අලුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණය අද තහනම් නියෝගයක් නිකුත් කළේය.

    ඒ, කොළඹ අපරාධ කොට්ඨාසය කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින්. අදාළ නියෝගය ආගමන-විගමන පාලකවරයාට ද දැනුම් දී තිබේ.

    Latest News