අදත් වැසි වාර කිහිපයක්

දෙසැ 13, 2019

    ඌව සහ නැගෙනහිර පළාත්වලත් යාපනය, මුලතිව්, කිලිනොච්චිය හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඒසේම අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇති වනු ඇතැයි කාලගුගුණ නිවේදනයේ දැක්වේ. සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයෙත් සවස 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය.

    ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති විය හැකිය. කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහතිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    Last modified on සිකුරාදා, 13 දෙසැම්බර් 2019 10:04

    Latest News