මඩු රක්ෂිතයේ දැව ඉරූ අයෙක් අත්අඩංගුවට

දෙසැ 13, 2019

    මඩු පොලිස් වසමේ මඩු රක්ෂිතයේ වලයංකට්ටු ප්‍රදේශයේ දී වැටලීමක් සිදු කර අනවසරයෙන් රක්ෂිතයට ඇතුළු වී බුරුත දැව කපා ඉරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    පොලිස් විශේෂ කාර්ය බලකායේ පරයනාලන්කුලම නිලධාරීව්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර එහිදී විවිධ ප්‍රමාණයේ බුරුත දැව කදන් 13ක් හා දම්වැල් කියතක් පොලිස් බාරයට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් පුද්ගලයා වැඩිදුර විමර්ශන සඳහා මඩු අඩවි වන කාර්යාලය වෙත බාර දී තිබේ.

    Latest News