වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 90,000ක්

දෙසැ 13, 2019

    මේ වසරේ ගෙවීගිය කාලය තුළදී ඩෙංගු රෝගීන් අනූදහසක් වාර්තා වී තිබෙන බවත්, මේ නිසා ඩෙංගු මර්දන විධිමත් වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කළයුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    මෙම කාලය තුළ ඩෙංගු නිසා පුද්ගල මරණ සියයක් පමණ සිදුව තිබෙන බවත්, පසුගිය නොවැම්බර් මාසයේදී පමණක් ඩෙංගු රෝගීන් විසිදහස් පන්සිය හැත්තෑ තුනක් වාර්තා වී තිබෙන බවද එම සංගමයේ ලේකම් වෛද්‍යහරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

    ඩෙංගු මර්දනය කිරීමට මේ වසර තුළ මුදල් වෙන්කර තිබුනත් එම මුදල් වියදම් කිරීම පිළිබදව ගැටළු පවතින බව ද වාර්තා වේ.

    Latest News