සුර්ය බලයෙන් ක්‍රියාත්මක පළමු ත්‍රීරෝද රථය

දෙසැ 13, 2019

    සුර්ය බලයෙන් ක්‍රියාත්මක වන ත්‍රීරෝද රථයක් ප්‍රථම වරට මෙරටට හඳුන්වාදීම අද (13) සිදු කෙරේ.

    පරිසර හිතකාමී ත්‍රීරෝද රථයක් ලෙස එය හඳුන්වාදෙන බව මඟී ප්‍රවාහන කළමණාකරන අමාත්‍යාංශය සඳහන් කරයි.

    කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මිහිලක මැඳුරේදී ත්‍රීරෝද රථය හඳුන්වාදීමේ උත්සවය අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

    කොරියානු රජයේ සහයෝගයෙන් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර සූර්ය පැනලයක් මඟින් විද්‍යුත් ශක්තිය නිපදවා බැටරියට ආරෝපණය කිරීම මඟින් ත්‍රීරෝද රථය ධාවනය සඳහා අවශ්‍ය ශක්තිය උත්පාදනය කෙරෙනවා.

    මෙය පරිසර හිතකාමී වැඩසටහනක් ලෙස ක්‍රියාත්මකයි.

    Latest News