රජයේ ව්‍යවස්ථාපිත සහ රාජ්‍ය සමාගම් ප්‍රසාද දීමනාවට භාණ්ඩාගාරය අනුමැතිය

දෙසැ 12, 2019

    රජය සතු ව්‍යවස්ථාපිත ආයතන සහ පූර්ණ වශයෙන් රජය සතු රාජ්‍ය සමාගම් වල සේවක මණ්ඩල වලට 2019 වසර සඳහා ප්‍රසාද දීමනා ලබාදීම මහා භාණ්ඩාගාරය විසින් අනුමත කරයි.

    සියලු අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය සමාගම්වල ප්‍රධානීන් සහ රජයේ සියලු ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් වෙත මහා භාණ්ඩාගාරය විසින් මේ සම්බන්ධ චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

    ප්‍රසාද දීමනා ගෙවීමට සුදුසුකම් ලබන ආයතන 2018 ගිණුම් වසරේ මූල්‍ය වාර්තා පදනම්ව පසුගිය වසරේ ලබාදුන් අයුරින් සියලු කාර්ය මණ්ඩලය වෙත 2019 වසරේ ප්‍රසාද දීමනා පිරිනැමීමට උපදෙස් දී ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි.

    ඊට 2018 දෙසැම්බර් මස 07 වැනිදා නිකුත් කළ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අංක 03/2018 යන චක්‍රලේඛය අදාළ පරිදි වලංගු වේ. ආයතන වලට අධ්‍යක්ෂ මණ්ඩලය පත්කර නොමැති අවස්ථාවක වුවද අදාළ රාජ්‍ය ආයතන වෙතින් ගෙවිය යුතු සියළු ව්‍යවස්ථාපිත ගෙවීම් සිදුකිරීමට යටත්ව 2019 වසරේ ප්‍රසාද දීමනා ගෙවීමට අවසරය හිමිවේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 12 දෙසැම්බර් 2019 19:40

    Latest News