ලේක් හවුස් නව මාධ්‍ය අංශයේ ප්‍රධානී මධූක තක්ෂලට පහරදීමක් නැහැ

දෙසැ 12, 2019

    ලේක්හවුස් ආයතනයේ, නව මාධ්‍ය අංශයේ හිටපු ප්‍රධානියා බොරු පැමිණිළි ඉදිරිපත් කරමින්, දේශපාලන පළිගැනීම්වලට මුවා වී විදෙස් රටවල දේශපාලන රැකවරණ ලබාගැනීමේ කූට උපක්‍රමයක නිරතව සිටින බව ලේක්හවුස් මාධ්‍යවේදීන් චෝදනා කරති.

    නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මේ දක්වා කිසිදු දේශපාලන පළිගැනීමක් සිදු නොවූ බව ඔවුහු පවසති. ඔහුට තර්ජනය කර පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වූ පැමිණිල්ල පිළිබඳ වැඩිදුර විමර්ශනය කිරීම අද සිදු කෙරිණ. ඒ, කොටුව පොලිසිය විසින්. ඊට ලේක්හවුස් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ද එක්වූහ.

    මාධ්‍යය‍ට අදහස් දැක්වූ මාධ්‍යවේදී චන්දන බණ්ඩාර මහතා...

    “අප ආයතනයේ හිටපු නව මාධ්‍ය අංශයේ ප්‍රධානී මධූක තක්ෂල ප්‍රනාන්දු යු ටුයුබ් චැනලයේ මාධ්‍යවේදියා යන චැනල් එක පවත්වා ගෙන යමින් පසුගිය කාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා “වයිට් වෑන්“ කියලා වීඩියෝවක් නිෂ්පාදනය කළා. අපි දැක්කා පසුගිය කාලයේ මාධ්‍යවේදීන් ආණ්ඩු පෙරළියත් එක්ක පිටරට දේශපාලන රැකවරණ ලබාගන්නවා. මේ වගේ අසත්‍ය පැමිණිලි පොලිසියට කරලා එහි පිටපත අරගෙන ගිහිල්ලා විදේශ බටහිර රටවල තානාපති කාර්යාලවලට ඉදිරිපත් කරලා දේශපාලන රැකවරණය ලබාගන්නවා. එහිම කොටසක් තමයි මේ මධූක සහෝදරයා කරන්නේ කියන එක තමයි අපට කියන්න තියෙන්නේ යැයි මාධ්‍යවේදී චන්දන බණ්ඩාර මහතා පැවසීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 12 දෙසැම්බර් 2019 20:16

    Latest News