මත්ද්‍රව්‍ය හානි අවමයට තහනම ප්‍රමණවත් නැහැ.... හිතකර දේශීය බීම ප්‍රවර්ධනය අවශ්‍ය.... රාජ්‍ය ඇමති

දෙසැ 11, 2019

    මත්පැන් භාවිතය වෙනුවට හිතකර දේශීය බීම වර්ග ප්‍රවර්ධනය කළ යුතු බව ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.

    එ වෙනුවෙන් තල් සහ කිතුල් ආශ්‍රිත දේශීය බීම වර්ග ප්‍රවර්ධනය කිරීම සඳහා ව්‍යවසායකයින් දිරි ගැන්වීමට ක්‍රියා කළ යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

    දුප්පත් ජනතාවගේ ජීවිත වලට මත්ද්‍රව්‍ය මගින් සිදුවන හානිය අවම කිරීම මත්පැන් භාවිතය තහනම් කිරීමෙන් පමණක් සිදු කළ නොහැකි බව පැවසු ඒ මහතා ඒ වෙනුවට අදේශක ලෙස දේශීය බීම වර්ග ප්‍රවර්ධනය කිරීමට මෙලෙස යෝජනා කර සිටි.

    තල් ආශ්‍රිත නිපැයුම් ප්‍රවර්ධනය තුළින් තල් කර්මාන්තයේ වර්ධනය උදෙසා තල් නිෂ්පාදන සහයකවරුන් දස දහසක් බිහිකිරීම සදහා වන තල් අරණ ව්‍යාපෘති වැඩසටහන පිළිබදව අමාත්‍යාංශයේදී ඊයේ (10) පැවති සාකච්ඡාවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී.ජේ සෙනෙවිරත්න මහතා පෙන්වා දුනී.

    Latest News