ස්විස් තානාපති සමඟ කිසිදු ගැටළුවක් නැහැ..... විදේශ ඇමති දිනේෂ්

දෙසැ 11, 2019

    ස්විස් තානාපතිවරයා සමඟ තමන්ට කිසිදු ගැටළුවක් නොමැති බවත් නිලධාරිනියක් පැහැරගෙන යාමක් පිළිබඳ ලැබී ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් තානාපතිවරයා සමඟ ඉතාම සුහදව රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් කටයුතු කරන බවත් විදේශ සබඳතා අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (10) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    විදේශ සබඳතා අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා.....

    "අපි නිතරම තානාපතිතුමාව ගෙනල්ලා සාකච්ඡා කරලා තියෙනවා මේ ප්‍රශ්නය, බොහොම රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන්. ඒ අනුව දැන් කට උත්තරයක් දීම සඳහා ඒ සේවිකාව පොලිසිය සමඟ කටයුතු කරලා තියෙනවා. තානාපතිතුමා කීපවතාවක්ම විදේශ අමාත්‍යාංශයට පැමිණියා. කිසිම ගැටළුවක් නෑ. අපි බොහෝම මිත්‍රත්වයෙන් කටයුතු කරන්නේ. ඒ අයගේ මතය මොක වුණත් අපේ මතය රටේ නීතියයි, අපි ඉතින් ඒ අනුව කටයුතු කරනවා" යනුවෙනුයි අමාත්‍යවරයා සඳහන් කළේ.

    Last modified on බදාදා, 11 දෙසැම්බර් 2019 12:52

    Latest News