අහංගම රියදුරුට මරු කැදවූ අනතුර

දෙසැ 04, 2018

    ගාල්ල, මාතර ප්‍රධාන මාර්ගයේ කතළුව හංදිය අසළ දී අඟුණුකොළපැලැස්ස සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් වෑන් රථයක ගැටීමෙන් වෑන් රථයේ රියදුරු මිය ගොස් තිබේ.

    තවත් තිදෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කෙරිණ. වෑන් රථයේ ගමන් කර ඇත්තේ විදේශිය යුවලකි. වෑන් රථයේ රියදුරුට නින්දයාම හේතුවෙන් අනතුර සිදුව ඇති බවට විමර්ශනවල දී අනාවරණය වී ඇත.

    මෘත ශරීරය කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇත. අහංගම පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Latest News