ලොව ප්‍රමුඛ පෙළේ විදෙස් ආයෝජකයෙක් දිවයිනට

දෙසැ 09, 2019

    ලොව නැගී එන වෙළෙඳපොළ සම්බන්ධයෙන් විශේෂඥයෙකු ලෙසින් සැලකෙන ආචාර්ය මාක් මෝබියස් මහතා අද (09) උදෑසන දිවයිනට පැමිණියේය.

    ආචාර්ය මාක් මෝබියස් මහතා එක්වන ව්‍යාපාරික සමුළුවක් හෙට (10) පැවැත්වීමට නියමිතයි. කොළඹ නගරයේ ඉදිවෙමින් පවතින දැවැන්ත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන Cinnamon Life විසින් මෙම ඉසව්ව සංවිධානය කරනු ලබයි.

    ආචාර්ය මොබියස් වසර 30 කට වැඩි කාලයක් Franklin Templeton Investmentsහි සේවය කළ අතර ටෙම්පල්ටන් නැගී එන වෙළඳපොළ සමූහයේ විධායක සභාපති ලෙස කටයුතු කළේය. ඔහුගේ සේවා කාලය තුළ සමූහය කළමනාකරණ වත්කම් ඇමරිකානු ඩොලර් මිලියන 100 සිට ඇමරිකානු ඩොලර් බිලියන 40 දක්වා පුළුල් කළ අතර ආසියාව, ලතින් ඇමරිකාව, අප්‍රිකාව සහ නැගෙනහිර යුරෝපය කේන්ද්‍ර කර ගනිමින් නැගී එන වෙළඳපල සහ දේශසීමා අරමුදල් ගණනාවක් දියත් කළේය. 2015 ට පෙර ඔහුගේ Templeton අරමුදල මෙරට රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ කැපී පෙනෙන ආයෝජකයෙකු විය.

    Last modified on සදුදා, 09 දෙසැම්බර් 2019 12:35

    Latest News