විපක්ෂ නායකත්වය ලැබු සජිත් වෙනුවෙන් තිස්සගෙන් තවත් ඉල්ලීමක්

දෙසැ 06, 2019

    එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාගේ මාධ්‍ය හමුවක් කොළඹ දී අද පැවැත්විණ.

    එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා....

    “ව්‍යවස්ථාදායක සභාව ලබන 12 වැනිදා රැස්වෙනවා ප්‍රධාන නිල තනතුරු පත්කිරිම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට. ඒ ව්‍යවස්ථාදායක සභාව නියෝජිනය කරන නිල සාමාජිකයෙකු වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා නම් කළ යුතුව තිබෙනවා. එතුමාව ඊළඟ ව්‍යවස්ථාදායක සභාවට කැඳවීමක් අනිවාර්යයෙන්ම සිදුවිය යුක්තක්. දැන් ඒක මඟ හරින්න උත්සාහ කරනවානම්, ඒ කියන්නේ විපක්‍ෂ නායක ධූරය පත්කිරීම කරලා, ඉන් අනතුරුව එතුමාගේ රාජකාරී තවත් ආකාරයෙන් බැහැර කරන්න උත්සාහ කරනවානම් එතන තියෙන්නේ සිය කැමැත්ත හා එකඟතාවය අනුව පත්කිරීමක් නොවෙයි. ඒක මඟහරින්න දරන උත්සාහයක්. එතකොට පාර්ලිමේන්තුව රැස්වන ඊළඟ දිනයේ විපක්‍ෂ නායකවරයාගේ නිල අසුන වෙන්කිරීම සිදු නොවන බව අපට වාර්තා වෙනවා. විපක්‍ෂ නායකවරයාගේ අසුන නිල වශයෙන් පැනවීමට ක්‍රියා කළ යුතුව තිබෙනවා. එය මඟහරින්න උත්සාහ කරනවානම් ඒකෙන් පේන්නේ එම පත්කිරීම පිටිපස්සෙන් වෙනත් ආකාරයක වංචාවක් හෝ කඩාකප්පල්කාරී සිදුවෙමින් තිබෙන බව“ යැයි තිස්ස අත්තනායක මහතා පැවසීය.

    Last modified on සිකුරාදා, 06 දෙසැම්බර් 2019 20:36

    Latest News