ජල ගාස්තු සංශෝධනයක්

දෙසැ 06, 2019

    ජල ගාස්තු සංශෝධනයක් නුදුරේදී සිදුවනු ඇද්දැයි මේ වන විට සංවාදයක් ආරම්භ වී තිබෙනවා.

    ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසන්නේ ජල ගාස්තු සංශෝධනයක් සිදු වුවත් එමගින් අඩු ආදායම් ලාභීන්ට අගතියක් සිදු නොවිය යුතු බවයි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ වතුර බිලේ සංශෝධනයක් සිදුවිය යුතුයි.

    සෑම වසර තුනකට වරක්ම ජල බිල සංශෝධනයක් විය යුතුයි.

    නමුත් ජනතාවට ඇති ආර්ථික අපහසුකම් නිසා පසුගිය වසර කිහිපයේදීම ජල ගාස්තු සංශෝධනයට ලක්ව තිබුනේ නැහැ.

    නමුත් මේ ජල බිල් ගාස්තු සංශෝධනය සිදුවන්නේ ඉහළ පරිභෝජනයක් සිදුකරනු ලබන පාරිභෝගිකයින්ට පමණයි.

    කිසිම හේතුවක් නිසා අඩු ආදායම් ලාභීන්ට මේ ගාස්තු සංශෝධනය නිසා අපහසුතාවයක් ඇති වන්නේ නැති බවයි.

    ජල ගාස්තු වසර තුනකට වරක් සංශෝදනය විය යුතු බවට අදාළ පනතින්ම විධිවිදාන සළසා ඇතැයි ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

    Latest News