මෙසේ ඇප මත මුදා හැරුණේ කොළඹ ප්‍රධාන පෙලේ කිමිදුම් උපකරණ අළෙවි කරනු ලබන ව්‍යාපාරිකයකි.
අදාළ සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කළද ව්‍යාපාරික ස්ථානයේ පරීක්ෂණ අවසන් වන තුරු මුද්‍රා තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ 2007 ස්පියර් තුවක්කු තහනම් කිරීමේ නියෝග මාලාව උල්ලංඝනය කරමින් සැකකරු විසින් ස්පියර් තුවක්කු කිමිදුම් උපකරණ අළෙවි කිරීමේ මුවාවෙන් මෙම තුවක්කුද අළෙවි කිරීමට කටයුතු කර ඇති බව ධීවර විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.
නාවික හමුදා බුද්ධි නිලධාරීන්ගේ තොරතුරක් මත ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ විමර්ශන ඒකකය අද එම ස්ථානය වටලා කල සෝදිසි මෙහෙයුමකදී අදාල ස්පියර් ගිනි අවි කිමිදුම් උපකරණ සමඟ අළෙවියට තබා තිබියදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.