මහජන මුදල් විදුලිබල මණ්ඩල නිලධාරීන් කොල්ලකෑමට එරෙහිව, විමර්ශනයකට ඉල්ලීමක්

දෙසැ 05, 2019

    ඉකුත් ආණ්ඩු සමයේ, ලංකා විදුලිබල මණ්ඩලයේ ඇතැම් නිලධාරීන්, මහජන මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වන්නැයි, විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී.

    ඔවුන් මේ බව කියා සිටියේ, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී. 

    එහිදී අදහස් දැක්වූ විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සජීව ධම්මික මහතා....

    “ඕගොල්ලන් අපි කවුරුත් දන්නවා අපි ආදායම් බදු ගෙවන්න ඕනේ. එතකොට මේ ආදායම් බදු ගෙවන්න ඕනේ අපි ලබන වැටුපට අනුව තමයි ගණනය කරන්නේ. බොරු විදුලි හිඟය මවන්න මේ ඉදිරිපත් වන්නේ ඉංජිනේරුවෝ. ඒ හින්දා ඒගොල්ලන්ට වරදාන-වරප්‍රසාද දෙන්න ඕන හින්දා තමයි ඉහළ වැටුප් ගන්න ඉංජිනේරුවරුන්ගේ වැටුප් 2015 ඉදලා ගෙවලා තියෙන්නේ මේ අහිංසක විදුලි පාරිභෝගිකයන්ගෙන් හම්බවන මුදල්වලින් තමයි මේගොල්ලන්ගේ බදු ගෙවලා තියෙන්නේ.

    2015 විගණකාධිපති මේ පිළිබඳව වාර්තා කරලා තියෙනවා. ඒවා සැලකිල්ලට අරගෙන නැහැ. අපිට මේකෙන් මාසෙකට බිලියන් එකක් අහිමිවෙනවා. පසුගිය වසර පහ තුල අපිට බිලියන 5ක්, 6ක් නැතිවෙලා තියෙනවා.

    එතකොට මේකත් අධිකරණය තීන්දු කරලා තියෙනවා වැරදියි කියලා. විගණකාධිපතිත් තීන්දු කරලා තියෙනවා මේක වැරදියි දිගින් දිගටම මේක කරන්න එපා කියලා. මේකට පසුගිය යහපාලන රජයෙන් කැබිනට් අනුමැතියත් ලැබිලා තියෙනවා. කැබිනට් මණ්ඩලය, විදුලිබල මණ්ඩලයේ සභාපතිතුමා, අධ්‍යක්‍ෂ මණ්ඩලය මේ මහජන මුදල් අමු-අමුවේ මංකොල්ලකන්න. මේවට සෘජුවම වගකියන්න ඕනේ. සුභසාධන රාජ්‍යයක් හදන්න නම් මේවා පිළිබඳ වහා ක්‍රියාත්මක වන්න ඕනේ. නැත්නම් අපි විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය හැටියට නීතිමය පියවර ගන්නවා“ යැයි සංජීව ධම්මික මහතා පැවසීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 05 දෙසැම්බර් 2019 19:49

    Latest News