මැතිවරණයක් ඉල්ලා ලක්මව දියණියන්ගෙන් පෙත්සමක්

දෙසැ 03, 2018

    පවතින දේශපාලන අර්බුදය නිරාකරණය කිරීම සඳහා මහ මැතිවරණයක් පැවැත්වීමට අවසර දෙන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් භාර දී තිබේ.

    "ලක්මව දියණියෝ" කාන්තා සංවිධානය විසින් අදාළ පෙත්සම අගවිනිසුරුවරයා වෙත යොමු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරීවරයා වෙත අද දහවල් බාරදුනි.

    ඒ තුළින් පෙත්සම්කාර සංවිධානය කියා සිටියේ  වර්තමානයේ රට තුළ නිර්මාණය වී ඇති අස්ථාවර භාවය හේතුවෙන් රට දිනෙන් දින අගාධයට යාමේ අනතුරක් මතුව ඇති බවයි.
    ජනතා පරමාධිපත්‍යය තහවුරු කෙරෙන මහ මැතිවරණයක් පැවැත්වීම තුළින් මෙම අස්ථාවරභාවය නිමාවකට පත් කළ හැකි බව ද පෙත්සමෙන් පෙන්වා දී තිබේ. 
    මෙම තත්ත්වය නිරාකරණය කිරීම සඳහා මහ මැතිවරණයක් පැවැත්වීමට අනුමැතිය දෙන මෙන් එම. සංවිධානය  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
    Last modified on සදුදා, 03 දෙසැම්බර් 2018 12:23

    Latest News