තවත් දින කිහිපයක් වැසි;පුද්ගලයින් 14164ක් පීඩාවට

දෙසැ 03, 2019

    පවතින අයහපත් කාලගුණ හේතුවෙන් මේ වන විට පවුල් 4153ක පුද්ගලයින් 14164 ක් පීඩාවට පත්ව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

    වලපනේ,මලපට්ටාව ප්‍රදේශයේ සිදුවූ නායයෑමක් හේතුවෙන් මරණ 3ක් මේ වන විට වාර්තා වී තිබේ. මෙම නාය යාමෙන්, නිවසක එකම පවුලේ සාමාජිකයන් සිව් දෙනෙක් අතුරුදන් වී ඇති අතර එක් පුද්ගලයෙක් සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. මේ වන විට ආපදා හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙක් තුවාල ලබා ඇතැයි ද පැවසීය.

    ඒ සඳහා ත්‍රිවිධ හමුදාව හා පොලීසිය සිය සහයෝගය ලබා දී තිබේ. නිවාස හානි 6ක් හා අර්ධ වශයෙන් නිවාස 859 හානි වී ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පවසයි. කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව සඳහන් කර ඇත්තේ දිවයින අවට වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් උතුරු, නැගෙනහිර, උතුරු මැද, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය අද (03) රාත්‍රී කාලයේ සිට හෙට (04) සහ අනිද්දා(05) දිනයන්හි වැඩි වෙන බවයි.

     

    Last modified on අඟහරුවාදා, 03 දෙසැම්බර් 2019 07:39

    Latest News