බිබිල හොඩගල, ඌරුමිතැන්න කන්ද නාය යාමෙන් නිවාස හතකට දැඩි හානි

දෙසැ 01, 2019

    බිබිල හොඩගල කදුයායේ ඌරුමිතැන්න කන්ද නාය යාමෙන් මැදපිටිය හා සේනාපතිය ගම්මානයේ නිවාස හතකට දැඩි හානි සිදුව තිබේ.

    ඒයින් පවුල් 18ක 46 දෙනෙකු අවතැන්ව නීලගිරි විහාරයේ නවතැන් පහසුකම් සලසා ඇතැයි බිබිල පොලිසිය පවසයි.

    ප්‍රදේශයට අධික වර්ෂාව පැවති ඊයේ (30) පසවරුවේ කන්දෙන් ගල් පස් පෙරලනවාත් සමග ගම්වාසීන් ආරක්ෂිත ස්ථානකරා දිව යෑම නිසා කිසිදු ජීවිත හානියක් සිදු නොවු බව පොලීසිය කියයි. ගම්වාසීන් නිවෙස් වලින් ඉවත්වනවාත් සමගම ඌරුමිතැන්න කන්ද නායගොස් මහා විනාශයක් වැලකි තිබේ.

    කන්දේ අක්කර විස්සක් පමණ නාය යැමෙන් නිවාස හතකට සහ ත්‍රිව්ලර් සහ යතුරුපැදි කිහිපයක් පස්වලින් යටවි තිබේ. මැදපිටිය හා සේනාපතිය ගම්මානවල පවුල් 320 ක් පමණ ජීවත් වන අතර ගම්මානයේ නිවාස 20ක වගාවන් සියල්ල විනාශ වී ගොස් ඇත.

    හොඩගල කදුයායේ ඌරුමිතැන්න කන්ද නාය යාමෙන් අවතැන් වු පවුල්වලට අවශ්‍ය සහන සලසා ඇතැයි මැදගම ප්‍රාදේශීය ලේකම් කපිල බංඩාර මහතා කියා සිටි.

    Latest News