රු. 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 124ක් සමග සැකකරුවන් ‍02 ක් අත්අඩංගුවට

නොවැ 29, 2019

    රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 124ක් සමග සැකකරුවන් ‍දෙදෙනෙකු කුරුණෑගල, තෝරයාය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය සඳහන් කළේ, ඔවුන් සන්තකයේ තිබී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා යොදාගත් පරිගණකයක් ද සිය භාරයට ගත් බවයි.

    සැකකරුවන් කුරුණෑගල, තෝරයාය ප්‍රදේශයේ වෙළෙඳසැලකින් ගත් ආහාර ද්‍රව්‍ය සඳහා මෙම ව්‍යාජ නෝට්ටු භාවිත කර මුදල් ගෙවා තිබේ.

    පොලීසිය සඳහන් කළේ, පසුව එම වෙළඳසැලේ හිමිකරු පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලබාදුන් තොරතුරක් මත කරන ලද විමර්ශනවලදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි.

    එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොළොන්නරුව, හේවාගම හා පැරකුම්ඔය යන ප්‍රදේශවල පදිංචි 25 සහ 26 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.

    සැකකරුවන් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 09 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    Latest News