නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, දැනට වී අළෙවි මණ්ඩලයේ ගබඩාවල ඇති වී සහල් බවට පත් කර ලංකා සතොස අළෙවිසැල් හරහා වෙළෙඳපොළට නිකුත් කරන බවයි.
දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ඉකුත් මහ කන්නයේ දී මිලදී ගත් වී තොග මේ වනවිට අදාළ ගබඩාවල තැන්පත් කර තිබේ.
ඒ අනුව ලබන සතියේ සිට එම ක්‍රියාවලිය ආරම්භ කරන බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.